iranama
අකුසල් මැඬුමට පින් රැස් කළ මැන
අපල යනු අකුසල්ය. පෙර කළ අකුසල් අසුබ පලයක් ලෙස කේන්ද්‍ර සටහනක සැඟව ඇත. අසුබ ග්‍රහයන් විසින් අසුබ පල උදාකරනු ලබයි. එය ග්‍රහයාගේ මහ දසාවක හෝ අතුරු දසාවක අයහපත් ලෙස ජන්මියා හට බලපෑම් ගෙන දෙයි.
ග්‍රහ තරු කිරණ බලය පෙර ඉසිවර දැක්මට අනුව ජේයාතිෂයෙන් මනාව පෙන්වා දෙයි. එම ග්‍රහ බලපෑම්වලට අනුගතව පෙර කරන ලද කුසල් අකුසල් බලය ජන්මියකුගේ කේන්ද්‍ර සටහනින් නිරූපණය වෙයි.
අකුසල් අසුබ පලනම් එය නිසැකවම විපාක දෙන්නේද? ජේයාතිෂය සහ ආගම ධර්මය අනුව එය විමසිය යුතු වෙයි.
බුදුන් වහන්සේටද පෙර කළ අකුසල් බුද්ධත්වයෙන් පසුවද පලදුන් අවස්ථා බුද්ධ චරිතයෙන් වටහා ගත හැකිය. පෙර කළ අකුසල් මෙකල කුසලයට යටකළ නොහැකි අවස්ථා මෙන්ම පෙර කළ අකුසල් අහෝසි වන අවස්ථාවන්ද බුදු දහමෙහි සඳහන්ය.
කුසල් කිරීමෙන් අකුසල් බලය දුරු වන්නේය, යන නිගමනය මෙහිදී සනාථ වෙයි. කුසලයෙන් අකුසල් බලය දුරුවන්නේ නම් කළ යුත්තේ වඩ වඩාත් කුසල්හි නිරත වීමය. ජේයාතිෂයෙන් අකුසල් දුරුකිරීමට කුසල් වැඩීම යහපත් යැයි පෙන්වා දෙයි.
සෙනසුරු යනු ග්‍රහ පවුලේ මහල්ලාය. සෙනසුරු කේන්ද්‍ර සටහනට අසුබ වූ විට ජන්මියා හට නිදන්ගත රෝග ඇතිවෙයි. රෝග පීඩාදියෙන් එක්තැන් කරවයි. උන්හිටි ස්ථාන අහිමි කරවයි. ජන්මියා හට ශෝචනීය මරණයක් උදාකර දෙයි. සෙනසුරු අපලයට කළහැකි බලවත් පිළිවෙත සෙනසුරාදා දින අසරණ රෝගීන්ට පිහිට වීමය. වැඩිහිටි උපස්ථානය, අංගවිකල වූවන්ට පිළිසරණ වීම, අත්වාරු - රෝදපුටු පරිත්‍යාගයද සෙනසුරු අපලය දුරුකර ගැනීමට කළ යුතු පිළිවෙත්ය. දුකට පත්වූවන්ගෙන් පිදෙන ආශීර්වාදය සියලු අපල දුරුකිරීමට සමත් වෙයි. වෛද්‍ය වෘත්තියේ සහ උපස්ථාන සේවයේ යෙදෙන්නන් හට සෙනසුරු අපලය අවම යැයි මතයක්ද ඇත. ඒ ඔවුන් නිරතුරුවම අසරණයන්ට පිහිට වන නිසාය. සෙනසුරු මෙන්ම අනෙකුත් ග්‍රහයන්ගෙන්ද අපල දුරුවීමට පිළිවෙත් රැසකි.
පිළිවෙත් යනු යහපත් සිතිවිලිවලින් කරනු ලබන දෙයකි. සියල්ලටම සිත ප්‍රධාන වෙයි. පවිටු සිතිවිල්ලක් අසුබය ඇතිකරන්නාක් මෙන් යහපත් සිතිවිල්ල සුබපල උදාකරවයි.
නොගැළපෙන සාම්ප්‍රදායික අදහස් ද සුබ සිතිවිල්ලක් පීඩාවට පත්කොට අසුබයක් ආරෝපණය කරවයි. ජය මංගල ගාථා මැද සුබ නැකතින් නිවෙසට පිවිසෙන මනාලිය වෙනුවෙන් එම මොහොතේ පොල් ගෙඩියක් කැත්තකින් ගසා බිඳින අතර පොල් ගෙඩියේ ඇස් සහිත ගැහැනු බෑය මුනින් අතට පෙරැළීම හෝ පොල්ගෙඩිය කුඩුවීම මනාලියට අසුබය ගෙන දෙයි. ඇය උපහාසයට හෑල්ලුවට ලක්වෙයි. සුබ නැකතින් නිවෙසට ගොඩවන මනාලියගේ සංවරය සහ සුබාසුබ පිරික්සීම පොල් ගෙඩියෙන් සිදුකිරීම නූගත් සම්ප්රදායකි. අසුබ වූ පිළිවෙතකි.
වර්තමානයේද අපල සමනයට සතුන් බිලිපුද දෙන කෝවිල් ලක්දිව තුළ නැතිවා නොවේ.
අපල සමනයට සහනය ඇත්තේ දැහැමි පිළිවෙත් තුළය. මිනිසා දෙව්ලොව හෝ අපායට යවන අපූරු මාර්ගය මිනිස් සිත තුළ පිහිටා ඇත. බුදුන් සරණ ගොස් දෙවියන්ට පින් අනුමෝදන් කොට සිත යහපත් කරගන්නා මිනිසුන් සිටින දහම් දිවයින පුරා උදෑසනම ගවයන්ගේ ගෙල කැපෙයි. කුකුළන්ගේ එළු - උෟරු වැනි සතුන්ගේ ජීවිත අහිමි වේ. එය සොබාදහමේ නීතියට පිටුපා මිනිසා කරනු ලබන බලවත් අකුසලයකි. එම අපලය පරලොව නොව මෙලොව තුළදීම මිනිසාට අත්විඳීමට සිදුවෙයි.
මනසින් උසස් මිනිසා සතුන් මැරීමත් සතුන්ගේ මාංස අනුභවයත් නිසා අකුසල් රැස්කර ගනියි. ග්‍රහ අපල වැඩිකර ගනියි. මිනිසාගේ පීඩාවෙන් දැඩි වෛරයකින් මිය යන සතුන්ගේ ලේ මස්ද වෛරී සිතිවිල්ලෙන් අපවිත්‍ර වී ඇත. එම මස් මිනිස් සිරුරට විස සහිතය.
අපල සමනයට සතුන් බිලිදීමද සත්ත්ව හිංසනයද මාංස අනුභවයද මනස දුර්වල වූ මිනිසුන්ගේ සසර ගත අකුසල් කර්මයෝය. පෙර භවයේ සතුන් මරණයට පත්කළ - අත් පා - තටු කපා දැමුවා වූ උදවිය සසරෙහි අංගවිකල වූවන් සේ උපදිති. මස් මාංසයට ලොල් වූවෝ සිර මැදිරි තුළය. නැතහොත් හදිසි අනතුරු හෝ සුවනොවන රෝගයකට ගොදුරුව අවසඟව සිහිවිකල්ව සයනයක් මතය.
සතුන්ගේ හඳුනාගැනීමේ ශක්තිය මිනිසාට වඩා ප්රබලය. ශබ්ද - ගන්ධ - රස - ආලෝක සහ තරංගමය හඳුනාගැනීම් තුළින් සතුන් මිනිසාට වඩා ඉදිරියෙන් සිටියි. එමෙන්ම සතුන්ගේ ආශීර්වාදාත්මක සහ සාපමය ප්රතික්රියාවන්ද ප්රබලය. මෙයට වසර 2559කට පෙර බුදුන් වහන්සේ පංචශීලයෙහි මුලටම ප්‍රාණඝාතයෙන් වැළකීමට සුදුසු බව වදාළ සේක.
ප්‍රාණියකු හට ආහාර සත්කාර උවටැන්වලට වඩා අභයදානය ලබාදීම අපලය දුරුවන නිවැරැදි ග්‍රහ පිළිවෙතයි. එහෙයින්, සියලුම ග්‍රහ අපලයනට අභය දානය බලවත්ය. සතුන් බිලිදෙන - බිලිගන්නා මිනිසා මොනරකු වැනිය.
රඟන මොනරා තම නග්න භාවය නොදැන රැඟුම් පාන්නේය.
Wmqgd .ekSu u